රටේ පැවති තත්ත්වය සළකා විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ සදහන් කළේ නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවයි.
තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බව ද උන්වහන්සේ සදහන් කලා.
ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට පැවති ජාතික රජය කටයුතු නොකළ බව පැවසූ රතන හිමියන් ඒ හේතුවෙන් රට ආර්ථික වශයෙන් මෙන්ම බොහෝ අංශයන්ගෙන් පිරිහුණු බවයි කියා සිටියේ.
ජාතික සම්පත් විකුණමින් කටයුතු කළ පැවති රජයේ ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එම කරුණු සළකා ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බවත් උන්වහන්සේ වැඩිදූරටත් සදහන් කළා.