ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බවයි.
පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව රැස්වන්නේ ලබන 8 වනදායි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ක්‍රියාදාමය සම්බන්ධයෙන් පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කෙරෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් ද එදිනට ඉදිරිපත් කිරීමට නියමිත බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළා.