News Line| Off Air
Generic placeholder image

Nov
4

මෛත‍්‍රී ඝාතනයට විශේෂ කණ්ඩායමක්…! ආයුධත් ඉල්ලලා!!

1831 Views


මෛත‍්‍රී ඝාතනයට විශේෂ කණ්ඩායමක්…! ආයුධත් ඉල්ලලා!!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීම සඳහා සිදු කරන ලද කුමන්ත‍්‍රණය පිළිබඳව වැඩි දුරටත් සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා.

මෙතෙක් කලක් ඒ සඳහා සාක්ෂි වශයෙන් ඉදිරිපත්ව තිබුණේ නාමල් කුමාර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර සිදුවූ දුරකථන කතා බහට අදාළ හඬපට පමණ. එම හඬපට 124 න් 123 ක් සැසදෙන බව රස පරීක්ෂක වාර්තාවෙන් තහවුරු වී තිබුණා. මීට අමතරව තවත් හඬපට ගණනාවක් මෑතකදී නාමල් කුමාර විසින් රහස් පොලිසියට භාරදී තිබූ අතර එම හඬපටද මේ දිනවල පරීක්ෂණ සඳහා භාජනය කරමින් පවතිනවා.

මෙම වසරේ මැයි මස 12 වැනිදා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් පොලිස් නිලධාරීන් පස්දෙනකුගෙන් යුත් විශේෂ මෙහෙයුම් නිලධාරීන් කණ්ඩායමක් නිර්මාණය කිරීමට සහ ඔවුන්ට විශේෂ කාර්යය බළකායේ පුහුණුව ලබාදීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා. අමතර වශයෙන් එම කණ්ඩායම සඳහා අවශ්‍ය අවි ලෙස, මිනි උෂි අවි පහක් සහ ඊට අවශ්‍ය උණ්ඩ, එල්.එම්.ජී. අවි දෙකක් සහ ඊට අවශ්‍ය උණ්ඩ, ටී- 56 අවි තුනක් සහ ඊට අවශ්‍ය උණ්ඩ ද පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ලබා දෙන ලෙස ඉල්ලා තිබුණි.

මෙවැනි අවශ්‍යතාවයක් නොමැති පරිසරයක් තුළ, විශේෂ පුහුණුවක්, අවි ආයුධ සහ නිල ඇඳුම් ලබා දෙමින් එවැනි යාන්ත‍්‍රනයක් ඇතිකරලීම සඳහා නාලක සිල්වා කටයුතු කරන ලද්දේ කුමන කාරණයක් නිසාද යන්න ප‍්‍රශ්නයක් ව පවතිනවා.

ඉල්ලා තිබූ පුහුණුව සඳහා විශේෂ කාර්යය බළකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා විරෝධය පළකිරීම හේතුවෙන් එම කටයුත්ත ඇණහිට තිබූ බව සඳහන් වෙනවා.

නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතා, විශේෂ කාර්ය බළකායෙන් ඉවත් කළ යුතු බවට නාලක සිල්වා විසින් කරන ලද ප‍්‍රකාශයක්, නාලක කුමාර විසින් නිකුත් කරන ලද පළමු හඬ පටයේ සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post