News Line| Off Air
Generic placeholder image

Nov
5

ජන මහිමය අද කොළඹට

847 Views


ජන මහිමය අද කොළඹට

එක්සත් ජනතා නිදහස් සන්ධානය සංවිධානය කරන ලද “ජන මහිමය” රැලිය අද පස්වරුවේ පැවැත්විමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

නව ආණ්ඩුවට සහය පළ කරමින් මෙම ජනරැලිය පැවැත්විමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළා.

මේ අතර මෙම ජන රැලිය සඳහා පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්යය බලායේ නිලධාරින් 1500ක් පමණ ආරක්ෂක කටයුතු සඳහා යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරනවා.

මේ අතර අද (05) දහවල් 12.00න් පසුව පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post