News Line| Off Air
Generic placeholder image

Nov
5

අද හිරවෙන කොළඹ පාරවල් මෙන්න

661 Views


අද හිරවෙන කොළඹ පාරවල් මෙන්න

නව ආණ්ඩුවට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (05) පැවැත්වීමට නියමිත ‘ජන මහිමය’ ජනතා උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට සියලු ආරක්ෂක විධි විධාන සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

මේ අතර එම ජනතා උද්ඝෝෂණය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් රථවාහන කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

ඒ අනුව කඩුවෙල, අතුරුගිරිය, මාලබේ සිට බත්තරමුල්ල හරහා කොළඹ දෙසට ගමන් කරන වාහන කොස්වත්ත හංදියෙන් හෝ බත්තරමුල්ල හංදියෙන් වමට ගමන් කර පාලම් තුන හංදිය, කියන්හෑම් වටරවුම, ජපන් මිත්‍රත්ව පාර, කිඹුලාවල හංදි‍ය, පිටකෝ‍ට්ටේ හංදිය, පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකියි.

එසේම කොළඹ සිට මාලබේ, කඩුවෙල, අතුරුගිරිය දෙසට ගමන් කරන වාහන ආයුර්වේද වටරවුමෙන් ඉදිරියට ගමන් කර බුත්ගමුව පාර, අඹගහහංදිය, කළුපලුවාව පාර, හීනටිකුඹුර පාරෙන් කොස්වත්ත හංදියට ගමන් කර අතුරුගිරිය දෙසට ගමන් කළ හැකි බව අනාවරණය වෙනවා.

මේ අතර පන්නිපිටිය, හෝකන්දර සිට තලවතුගොඩ හරහා කොළඹට ඇතුළු වන වාහන තලවතුගොඩ හංදිය, කිඹුලාවල හංදිය, පිටකෝට්ටේ හංදිය, පාගොඩ පාර ඔස්සේ නාවල හංදිය හෝ නාරහේන්පිට දෙසට ගමන් කර කොළඹට ඇතුළු විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post