News Line| Off Air
Generic placeholder image

Nov
5

පොළිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවට වුණ දේ

1301 Views


පොළිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවට වුණ දේ

රාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව පදවන ලද යතුරුපැදිය පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කර තිබුණේ ඊයේ පෙරවරුවේදීයි. නමුත් එම අවස්ථාවේ කාන්තාව විසින් සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා.

පසුව රියදුරු බලපත‍්‍රයක් නොමැතිව ධාවනය, ලියාපදිංචි නොකර ධාවනය හා රාජකාරිය ඉටු කිරීමේදී සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

සැකකාරිය 31 හැවිරිදි වැලිසර ප‍්‍රදේශයේ පදිංචිකාරිණියක්. අත්අඩංගුවට ගත් සැකකාරිය අද මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සැකකාර කාන්තාව විසින් පොලිස් රාජකාරියට බාධා කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවි මෙන්ම රූපවාහිනී නාලිකා ඔස්සේ ද ඊයේ විකාශය වුණා.


News Articles
Latest Videos
Most Popular Post