අද දවස ඔබට කොහොමද ? ලග්නයෙන් ලග්නයට විස්තර මෙන්න
5670 Views
අද 2018 ,නොවැම්බර් මස 05 වනදා
රාහු කාලය දිවා කාලය උදෑසන 07.27 සිට උදෑසන 08.56 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.21 සිට 08.52 දක්වා
සුභ දිශාව නැගෙනහිර
මරු සිටින දිශාව වයඹ
මේෂ ලග්නය
සතුරු බාධක තිබුනානම් ඒවා මර්ධනය කරගැනීම පිළිබඳව කල්පනා කරනවා. ජව සම්පන්න කටයුතු ක්‍රීඩා කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. අමාශගත රෝගී තත්ත්ව හටගන්නා පුළුවන් නිසා ටිකක් කල්පනාකාරී වීම වැදගත්. තාක්ෂණික මෙවලම් හා වාහන විකිණීමේ කටයුතු වලට ඉතා සුබයි. මුල්‍යමය කටයුතු බැංකු සම්බන්ධ කටයුතු වලදී කල්පානකාරී විය යුතුයි. වියදම වැඩි වෙන දිනයක්.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 09
වෘෂභ ලග්නය
අද ඔබට පින් සිතුවිලි වර්ධනය වෙන දිනයක්. ආගමානුකුල කටයුතු කෙරෙහි හිත යොමු වෙන දිනයක්. දරුවන් පිළිබඳව බලාපොරොත්තුවෙන් සිටි අයට ඒ පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි දිනයක්. විවාහ සම්බන්ධ කටයුතු වලටත් ඉතා සුබයි. මුල්‍යම කටයුතු වලට ඉතාම යහපත්. ඉවසිලිවන්තව කටයුතු කරන්න. අද දිනයේ කටයුතු සාර්ථක කරගන්න ඉතාම වාසනාවන්ත දිනයක්.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 06
මිථුන ලග්නය
ආහාර ගැනීමේ රටාව පිළිබඳව යාමතාක් සැලකිලිමත් වන්න. උදරගත රෝගී තත්ත්ව ස්නායු රෝගී තත්ත්ව සෙම් ආදී රෝග පිලිබඳව ඉතාම සැලකිලිමත් වන්න. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. අධ්‍යාපනික කටයුතු වල යෙදෙන අය ව්‍යාපාරික කටයුතු වල යෙදෙන අය යම් තාක් කල්පනාකාරී වන්න.
ජය වර්ණය ලා රතු පැහැය ජය අංකය 08
කටක ලග්නය
කරන කටයුතු වලට අන් අයගේ බලපෑම් එල්ල වන දිනයක්. මේ පිලිබඳ අද දවසේදී ඔබ ඉතාම සැලකිලිමත් විය යුතුයි. ප්‍රේම සම්බන්ධතා වලට යම් යම් බාධා ඇතිවිය හැකිය. ගෙවල් දොරවල් මිලදීගැනීමේ කටයුතු. හවුල් ව්‍යාපාර කටයුතු සඳහාද ඉතා සුබයි.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 06
සිංහ ලග්නය
වියදම ඉහල යන දිනයක්. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. අධ්‍යාපනික කටයුතු සඳහා වෙළදාම් කටයුතු සඳහාද ඉතා සුබයි. ගන්න තීරණ සාර්ථක දිනයක්. මුල්‍යමය කටයුතු වලටද ඉතා යහපත්. සතුරු බලවේග යටපත් වෙන දිනයක්.
ජය වර්ණය ලා නිල පැහැය ජය අංකය 07
කන්‍යා ලග්නය
මනස සැහැල්ලුවෙන් තබා ගැනීමට අද ඔබේ දිනය පත් වෙනවා. කොයි තරම් ප්‍රශ්න ආවත් සිනාවෙන් කටයුතු කරනවා. වචන භාවිතා කිරීම සෞම්‍ය විදියට සිදුවෙනවා. ආදායම් තත්වය ඉතාම හොඳ මට්ටමක පවතිනවා. සංචාරක ව්‍යාපාරික කටයුතු වලට ඉතාම යෝග්‍යයි. අධ්‍යාපනික කටයුතු වල සුළු මන්දගාමි ස්වභාවයක් කරනවා, නමුත් තරඟකාරී කටයුතු වල දියුණුවක් කෙරේ.
ජය වර්ණය නිල් පැහැය ජය අංකය 03
තුලා ලග්නය
කලාවට ඉතාම යහපත් දිනයක්. නමුත් ලඟම කෙනෙක්ට ඇතිවෙන අසනීපයක් නිසා ඔබේ මනසට පීඩා ගෙන දෙනවා. ඒ වගේම යම් කෙනෙක්ගේ දුරස් වීමක් ඔබේ හිතට දෙනවා. ආගමානුකුල කටයුතු වලට වඩාත් හිත යොමු කිරීම වැදගත් වෙනව. ඔබගේ මවට යම් අසනීපයක් පෙන්නුම් කරන නිසා ඇය වෙනුවෙන් අද දවසේ කාලය වෙන් කරන්න. හෘද රෝග වලින් පීඩා විදිනවනම් අද ඔබට එයට මුණ දීමට ශක්තිය ලැබෙන දිනයක්.
ජය වර්ණය විසිතුරු පැහැය ජය අංකය 09
වෘශ්චික ලග්නය
වියදම් ඉහල යනවා වගේම ආදායම් තත්වයත් ඉතාම යහපත්. විදේශ සම්බන්ධතා තුලින් ධන ලාභ ලැබෙනවා. තමන්ගේම ව්‍යාපාර වලින් වාසි ලැබෙනවා. මානසික ශක්තිය ඉතා උසස් මට්ටමක පවතිනවා. ඍජු තීරණ ගන්න දිනයක්. ඒ නිසා ගන්න තීරණ පිළිබඳව සැලකිලිමත් වන්න.
ජය වර්ණය ලා දම් පැහැය ජය අංකය 03
ධනු ලග්නය
ඉතා කාර්යබහුල වන දිනයක්. නමුත් ඔබ ඉතා සෞම්‍යව කටයුතු කරන්න යෙදෙනවා. අද ඔබව කැපී පෙන චරිතයක් බවට පත් වෙනවා. ඍජු තීරණ ගන්න දිනයක්. මුල්‍යමය කටයුතු වලදී ප්‍රවේසම් වෙන්න.
ජය වර්ණය ලා කහ පැහැය ජය අංකය 05
මකර ලග්නය
ආගමානුකුලව කටයුතු කරන දිනයක්. මුල්‍යමය කටයුතු වලට ඉතා සුබයි. ව්‍යාපාර දියුණුවක් පෙන්නුම් කෙරේ. ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් ප්‍රවේසම් වන්න. සෞඛ්‍ය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.
ජය වර්ණය ලා නිල් පැහැය ජය අංකය 05
කුම්භ ලග්නය
වැඩ කටයුතු කිරීමේදී ඔබට යම් වෙහෙසක් දැනෙන දිනයක්. අන් අයගේ උදව් ලැබෙන්නේ නෑ යනුවෙන් හිතෙන දිනයක්. දුර බැහැර ගමන් යෙදෙන දිනයක්. සතුරු කරදර යටපත් වෙනවා, නමුත් ඔබගේ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව යම්දුරට සැලකිලිමත් වන්න.
ජය වර්ණය ලා තැඹිලි පැහැය ජය අංකය 09
මීන ලග්නය
උසස් අධ්‍යාපනය කරන අයට ඉතාම සුබයි. එවැනි කටයුතු වලට සේවා සපයන අයටද ඉතා සුබයි. වෙළද ව්‍යාපාර දියුණු වෙන දිනයක්. ගන්න තීරණ වලදී සැලකිලිමත් වන්න. ආහාර ගැනීමේ රටාව පිළිබඳවද සැලකිලිමත් වන්න. වැඩිහිටියන්ගෙන් සැමවිටම උපදෙස් ලබාගන්න.
ජය වර්ණය ලා කොළ පැහැය ජය අංකය 09
ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන 0766765353