News Line| Off Air
Generic placeholder image

Nov
5

වෙඩි තැබීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට

3596 Views


වෙඩි තැබීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට

හක්මන සිදුවු වෙඩි තැබීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ එල්.එච්.ශාන්ත නැමැත්තෙක් බව පොලීසිය පවසයි.

අද(04) සවස 4.30 ට පමණ හක්මන පොලිස් වමේ කැබිලියපොල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා හක්මන ගංගොඩගම රෝහලට ඇතුළත් කර තිබියදී මෙලෙස මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදු කල සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා හක්මන‍ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post