News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

මරණෙන් කෙළවර වුණ දුරදිග ගිය කතාව

835 Views


මරණෙන් කෙළවර වුණ දුරදිග ගිය කතාව

ජාඇල, ගමගේවේල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. බස්හින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් අදාල ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේය.

පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ ජාඇල, දඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්.

ඝාතනය සිදු කළ සැකකරු අත්අත්ඩංගුවට ගැනිම සඳහා ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


News Articles
Latest Videos
Most Popular Post