නව ආණ්ඩුව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට කටයුතු කරයි නම් මෙම අර්බුදයෙන් ඇතිවන එකම හොඳ වන්නේ එය වනු ඇති බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරනවා.
දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් කටයුතු කරනු ඇති බවට වර්තාව වන තොරතුරු පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබෙනවා.
2015 වසරේ සිටම දමිළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරිමට විරුද්ධ වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් දැන් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන්නේ දේශපාලන වාසි වෙනුවෙන් බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙන් වඩිදුරටත් ප්‍රකාශ කරනවා.