News Line| Off Air
Generic placeholder image

Nov
6

රංගන හේරත් ගැන අද ලොවම අවධානයෙන් බලා සිටියි

517 Views


රංගන හේරත් ගැන අද ලොවම අවධානයෙන් බලා සිටියි

අද (06) සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශි‍්‍ර ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ආරම්භ වනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගණයේදීයි.

මෙම තරඟය ක්‍රිකට් ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්වී තිබෙන තරඟයක් වනවා. ඊට හේතුව ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම වමත් දඟපන්දු යවන්නා ලෙස සැලකෙන රංගන හේරත් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියේ සහභාගී වන අවසන් තරගය මෙය වීම නිසයි.

රංගන හේරත් 1999 වසරේදී සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ ද ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයෙන් වීම විශේෂත්වයක්. 40 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 92කදී මේ දක්වා බිඳ හෙලා ඇති කඩුලූ සංඛ්‍යාව 430 ක් වනවා. ඊට කඩුළු 05 බැගින් බිඳ හෙලූ අවස්ථා 34ක් ද ඇතුළත් වනවා.

එනම් 2009 වන තෙක්ම බිඳහෙලා තිබුණේ ටෙස්ට් කඩුලූ 36ක් පමණයි. ඒ අනුව 2009 වසරේ සිට මේ දක්වා කාලය තුළ ඉතිරි කඩුළු 394 දවා ගැනීමට ඔහු සමත් වෙලා තිබෙනවා.

අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගයේදී ඔහුට තවත් කඩුලූ 05ක් දවාගත හැකි වුවහොත් ටෙස්ට් ක‍්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් බිඳ හෙලූ 07 වැන්නා ලෙස ඉතිහාසයට එක්වීමට ද රංගන හේරත්ට අවස්ථාවක් හිමි වනවා.

එමෙන්ම අද දිනයේ රංගන හේරත් තවත් එක් කඩුල්ලක් දවා ගත හොත් ගාලූ ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේ කඩුළු 100ක් බිඳ හෙලූ දෙවන පන්දු යවන්නා බවට ද පත්විය හැකියි.

රංගන හේරත් මේ දක්වා සහභාගී වූ ටෙස්ට් තරගවලින් 11කදී තරගයේ වීරයා සම්මානයත් අවස්ථා 05කදී තරගාවලියේ වීරයා සම්මානයත් දිනා ගෙන තිබෙනවා.

මේ අතර අද තරගයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, කෞෂාල් සිල්වා සහ සුරංග ලක්මාල් කැඳවනු ඇති බවටයි පැවසෙන්නේ. ශී‍්‍ර ලංකා සංචිතයට නම් කර සිටි ලහිරු කුමාර විනය කඩ කිරීම හේතුවෙන් සංචිතයෙන් ඉවත් කර ඇති අතර ඒ වෙනුවට දුෂ්මන්ත චමීර කැඳවා තිබෙනවා.

රංගන හේරත් ඔබගේ ඉදිරි අනාගතයට සියත 24 අපෙන් සුභ පැතුම්.


News Articles
Latest Videos
Most Popular Post