ආදරේ කරන කාලේ කොල්ලගේ පදේට කෙල්ල නටනවා. කසාදේ දවසේ දෙමව්පියන්ගේ පදේට ජෝඩුව නටනවා. කසාදෙන් පස්සේ නෝනගේ පදේට හස්බන්ඩ් නටනවා. ඔන්න ඔයටික අහලා කැකිල්ලෙ රජ්ජුරුවො නඩු තීන්දුවක් දුන්නොත් කියයි හැම දික්කසාදෙකටම වගකියන්න ඕනෙ වයිෆ්ලා කියලා.බලං යද්දි ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා නේද?මොකද කසාද බැන්දට පස්සෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ බිරිදනෙ.එයාගෙ ඇක්ටිං මදිනං කොපි 35ක් තිබ්බත් ෆිල්ම් එක හෝල් වලින් එලියට වීසි වෙනවා. ඒ කියන්නෙ හස්බන්ඩ්ලා වැරදි කරන්නෙ නෑ කියන එක නෙමෙයි.දෙගොල්ලොම වැරදි කරනවා.වයිෆ්ලා වැඩියෙන් වැරදි කරනවා.
මෙහෙම කියද්දි නං ඉතිං හොද පවුල් ජීවිතයක් ගෙනියන්න මුළු ජීවිතේම කැප කරපු වයිෆ්ලා අපි එක්ක අමනාප වෙයි.ඒත් ආදරේ වැඩි නිසා කරන සමහර හොද දේවල් වලිනුත් ඔබේ කසාදෙ හැදිගෑවිලාම යන්න පුළුවන්.තරහකට නෙමෙයි ආදරේටයි එහෙම කිව්වෙ.මේ තියෙන්නෙ කසාද බැන්දට පස්සෙ වයිෆ්ලා කරන වැරදි 6ක්.
1.ඕන නැති පරණ කතා ආයිත් ඇදලා ගන්නවා
2.හස්බන්ඩ් ගෙ පවුලෙ අයව මග අරිනවා
3.හස්බන්ඩ් යාලුවො හම්බවෙනවට ඉරිසියා කරනවා
4.තමන්ගෙ යාළුවන්ව අමතක කරනවා
5.ගෙදර දොරේ සාමාන්‍ය වැඩ ගැන ලොකුවට හිතනවා
6.බබාලා හම්බවුනාට පස්සෙ හස්බන්ඩ් ගැන හොයන්න අමතක කරනවා
සමහරවිට මේ වැරදි ඔබ මේ වෙද්දි කරලා ඇති.එහෙමනං විස උඩුදුවන්න කලින් ඉක්මනටම වැරදි හදාගන්න. මේ වැරදි ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්නවා නං කරුණාකරලා ඒක හිතින් අයින් කරගන්න. අපි නීතීඥවරු නෙවෙයි ඒ හිංදා අපිට කියන්න තියෙන්නෙ එක දෙයයි.ඔබේ කසාදෙ රැකගන්න නං මේ වැරදි 6 ජීවිතේට කරන්නෙපා නෝනො…
සටහන – පාරමී