News Line| Off Air
Generic placeholder image

Nov
6

ජනපතිගේ ජීවිතය අනතුරේ – අජිත් පී. පෙරේරා

988 Views


ජනපතිගේ ජීවිතය අනතුරේ – අජිත් පී. පෙරේරා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව ජනපතිවරයා හොඳින්ම දන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා.

අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන බවත් ඔහු සඳහන් කළේය.

“2019 වසරේ ජනවාරි 08 දායින් පසුව පොහොට්ටුවේ සහාය ඇතිව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් ජනපතිවරණයට තරග කිරීමට සූදානම් බවට තොරතුරු වාර්තා වෙනවා” යැයිද එතුමා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post