“ජනපතිතුමාගෙන් ආරාධනාවක් ලැබුණා. බලයට පත්වුණේ සම්මුතියක් තුළින්. යහපාලනය ක්‍රියාත්මක කරන්නේ. 365 දවසම මගේ අරමුණ වුණේ අගමැතිතුමත් ජනපතිතුමත් එකට එකතු කරගෙන ඉදිරියට යෑමයි.
අර්බුදයක් ඇතිවුණාම මගේ අරමුණ වුණේ අරමුණ මුල්කරගෙන පුද්ගලික වාසි ලබාගන්න නෙමෙයි. ප්‍රතිපත්තිගරුක වීම ඉතාමත් වැදගත් වෙනවා. අපට ආචාර ධර්ම පද්ධතියක් තියෙන්න ඕන.
මගේ පක්ෂයේ නායකයෙක් සිටියදි තනතුරු තාන්න මාන්න ලබාගැනීම නෙමෙයි. මගේ අරමුණ වුණේ නායකයන් දෙපළ අතර සංහිදියාව ශක්තිමත් කරමින් ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය ක්‍රියාත්මක කිරිමයි.
අභියෝග භාර ගැනීමට මම කවදාවත් භය වුණෙත් නෑ භය වෙන්නෙත් නෑ. හැම කටයුත්තකදීම ප්‍රතිපත්තිගරුක වෙන්න. මම පමණක් නොවෙයි කරු ජයසූරිය මහතාත් ප්‍රශත්ත ලෙස හැසිරුණා. මම දරපු ස්ථාවරත්වය නිවැරදියි. දැඩි උත්සාහයක් දැරුවා නිවැරදි ක්‍රමවේදයකට ඉදිරියට යන්න.”
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කලා.