එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් තමන්ගෙන් ඇමති ආරක්ෂාවක් ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පැවැසීය. තමන්ට ලබාදී ඇති චක්‍ර ලේඛණ අනුව කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය. පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස්පති තුමන් කියා සිටියේ තමන් පිළිගන්නේ ජනපතිගේ නියෝග පමණක් බවයි.