එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස සම්බන්දයෙන් අසත්‍ය පුවත් පැතිරී යන බව කියමින් එම පක්ෂය මාධ්‍යය නිවේදනයක් නිකුත්කර තිබෙනවා. පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.
එක්සත් ජාතික පක්ෂතයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා හමුවූයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නොදන්වා බවට හැඟවෙන පුවතක් ඇතැම් මාධ්‍ය ඔස්සේ විකාශය කළ බව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාගේ අවධානයට ලක්ව ඇත.
මෙම පුවත සම්පූර්ණයෙන්ම පදනම් විරහිත අසත්යර පුවතකි.
ජනාධිපති සිරිසේන මහතා සමග සාකච්ඡා සඳහා ප්‍රේමදාස මහතා සහභාගී වූයේ වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමෙන් පසුවය. එසේම සාකච්ඡාවලින් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ඒ පිළිබඳව වික්‍රමසිංහ මහතා වෙත වාර්තා කිරීමට ද කටයුතු කර තිබේ
