News Line| Off Air
Generic placeholder image

Nov
8

මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ,ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක| කුමාර වෙල්ගම කියයි

1473 Views


මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ,ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක| කුමාර වෙල්ගම කියයි

නව ආණ්ඩු පාර්ශ්වය සමග කටයුතු කිරීමට තමන් අකමැති බැවින් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශව හා අගමැති මහින්ද රාජක්ෂ මහතාගේ පාර්ශ්වය ඒක්වීමට සාකච්ඡා කරන අවස්ථාවේදීම තමන් මේ බව පැවැසූ බවත් ඔවුන් සමග එක්ව වැඩ කිරීමට අකමැති බවත් වෙල්ගම මහතා සඳහන් කලා.

වෙල්ගම මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය පහතින්..

“ මම මාධ්‍යයට කතා නොකර ඉන්න හිටියේ නමුත් තිබෙන තත්ත්වය අනුව දැන් කතා කළ යුතුයි කියා හිතුවා. දැන් අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා.එක්කෙනෙක් අගමැති කාර්යාලයේ අනිත් කෙනා අරලියහග මන්දිරියේ. හරි අගමැති කවුද කියලා මිනිස්සු දන්නේ නැතිව අන්දමන්ද වෙලා ඉන්නේ. මම සතුටුවෙනවා මහින්ද මහත්තයා පත්කළ එකට. නමුත් මීට වැඩිය හොඳ විදිහට අපිට මේක විසඳගන්න තිබණා. රට හරියාකාරව ගෙනියන්න නම් අගමැති කවුද කියලා හරියට තෝර ගන්න වෙනවා.අපට අණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා. ඒ අනුවනේ අපි කටයුතු කරන්න ඕන. මහින්ද මහත්තයට 113ක් තියෙනවා කියලා පෙන්නුවානම් ඉවරයිනේ. රට දුවන්නේ ව්‍යවස්ථාවට අනුවනේ.මේ ක්‍රමයට මම කැමති නෑ. මහින්ද මහත්තයට 113 පෙන්නන්න අවශ්‍ය ඡන්දය මම දෙනවා. නමුත් මේ ආණ්ඩුවේ රෙද්දක් ඇඳගෙන වාඩිවෙන්න මට බෑ. මේ කණ්ඩායමත් සමග ඇමතිකම් ගන්න බෑ. ඊට වැඩිය හොඳයි ස්වාධීන වෙන එක ”


News Articles
Latest Videos
Most Popular Post