හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අත්සන් 14,000 ක පෙත්සමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී තිබෙනවා. ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම්වරයා හරහා මෙම පෙත්සම ජනාධිපතිවරයා වෙත භාරදුන් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ. සෞඛ්‍ය ඇමතිවරයා පසුගිය කාලයේ කටයුතු කිරීමේදී විවිධ වංචා දූෂණ සිදුව ඇති බව සහ ඊට අදාළව පරීක්ෂණයක් සිදුකරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා සිටි බව එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද කියා සිටියා.