පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි.මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල වෙබ් අඩිවි තුළට එක්කර තිබූ අතර පසුව එය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේදීය.
එහිදී මගීන් කිහිප දෙනෙකු එන්ජින් මැදිරියට නංවා ගෙන අනෙක් මගීන් ඊට ගොඩවීමට උත්සහ දැරීමේදී මෙම රියදුරුවරයා පරුෂ වචනයෙන් බැන වැදී තිබුණි.තමා බැණ වැදීමට පෙර මගියෙකු තමාට බැණ වැදුණු බවත්, එම කොටස වීඩියෝවේ නොමැති බවත් රියැදුරු ප්‍රකාශ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත් පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය.කෙසේ වෙතත් පරීක්ෂණ අවසන් වනතෙක් අදාළ රියදුරුවරයාට දුම්රිය ධාවනය තහනම් කර ඇති බවද ඔහු සඳහන් කර සිටියා.
ඊට අදාළ වීඩියෝව පහතින්