News Line| Off Air
Generic placeholder image

Nov
9

බොරතෙල් මිල පහළට

864 Views


බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳ පොළෙහි බොර තෙල් මිල ආසන්න දින කිහිපයේදී කැපී පෙනෙන ලෙස අඩුවීමක් පෙන්නුම් කෙරුණු බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම එක්සත් ජනපදය විසින් පසුගිය නොවැම්බර් 04 වැනිදා ඉරානයට පැනවූ සම්බාධක යටතේ, ඉරානයෙන් බොර තෙල් ආනයනය කරන රාජ්‍යයන් 8ක් සඳහා සම්බාධක නොපැනවීම මේ සඳහා හේතුව වී ඇතැයි වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඊයේදිනය වනවිට එක්සත් ජනපද ඩොලර් 72.84ක අගයකට පත්විය. මෙය පසුගිය ඔක්තෝබර් මාසයේ 10 වැනිදා වන විට එම බොර තෙල් බැරලයක් සඳහා පැවැති ඩොලර් 83.17ක් අනුව සැලකූ විට මිල ඩොලර් 10.33 කින් අඩුවීමකි.

පසුගිය මාසයේදී පැවැති මිල ඉහළ යාමේ තත්ත්වයත් අනුව වසර අවසන් වන විට මෙම බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා වැඩිවීමේ ප්‍රවණතාවක්ද පෙන්නුම් කෙරුණා. ඉරාන බොර තෙල් මිලදී ගන්නා ප්‍රධානම රාජ්‍යයන් වන චීනය, ඉන්දියාව ඇතුළුව ග්‍රීසිය, ඉතාලිය, දකුණූ කොරියාව, තායිවානය සහ තුර්කිය යන රටවල් තමන්ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුව සම්බාධක නොපැනවීමේ තීරණය ගත් බව එක්සත් ජනපද ජනපති ට්‍රම්ප් පවසා තිබෙනවා.

ඔක්තෝබර් 10 වැනිදා පැවැති ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල සමග පසුගිය මෛත්‍රී- රනිල් රජය යටතේ ක්‍රියාත්මක වුණු තෙල් මිල සූත්‍රය අනුව මෙරට තෙල් මිලද ඉහළයෑම සිදු වුණා. ඒ අනුව, මාසයකට පසුව ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් බැලරයක මිල ඩොලර් 10 කින් අඩුවී ඇති පසුබිමක එම මිල සූත්‍රය පැවතියේ නම් අනිවාර්යයෙන්ම හෙට (10 වැනිදා) වන විට සැලකියයුතු ලෙස මිල පහළ යෑමක් සිදුවීමට ඉඩ තිබුණි.

මේ මිල සූත්‍රය තීරණය කරන ප්‍රධාන සාධකයක් වන එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයද ඊයේ (08දා) දිනය වනවිට රුපියල් 176.30ක් වී තිබුණි. එම අගය පසුගිය ඔක්තෝබර් 10 වැනිදා පැවතියේ රුපියල් 172.81 අගයකය.


News Articles
Latest Videos
Most Popular Post