News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ජනවාරි 08දාට පසු ජනපතිවරණයක් ?

995 Views


ජනවාරි 08දාට පසු ජනපතිවරණයක් ?

2019 වසරේ ජනවාරි 08 වැනිදාට පසු හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවා රටට සුදුසු ජනාධිපතිවරයෙකු පත්කරගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස තමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටි බව පාඨලී චම්පික රණවක මහතා මුද්‍රිත මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබෙනවා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පිහිටු වූ මෛත්‍රී – මහින්ද රජය නීත්‍යනුකූල නොවන බවත්, නිත්‍යනුකුල රජය එක්සත් ජාතික පෙරමුණ රජය බවත් චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

වත්මන් රජය නීත්‍යනුකූල නොවන රජයක් බැවින් එම රජය ලබාදෙන නියෝග පිළිනොගන්නා ලෙස තමා මැතිවරණ කොමිෂන් සභාවෙන්ද ඉල්ලා සිටින බවද ඔහු සඳහන් කළේය.

වත්මන් දේශපාලන අස්ථාවරභාවය විසඳාගැනීමට සුදුසුම අවස්ථාව ජනාධිපතිවරණයකට යෑම බැවින් වහාම ජනාධිපතිවරණයකට යොමුවන ලෙස තමා ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post