News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
9

ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

749 Views


ගෝඨාභය රාජපක්ෂට විදෙස්ගතවීමට අවසර

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදේශගතවීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද අවසර ලබා දෙනු ලැබුවා.

ඒ, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 ක් අවභාවිත කිරීමේ නඩුවට අදාළව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඔහු අද පෙනී සිටීමෙන් අනතුරුවයි.

හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නීතිඥ රොමේෂ් ද සිල්වා, අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව දෙසැම්බර් මස 14 වන දා සිට ජනවාරි 14 වන දා දක්වා මෙලෙස විදේශගතවීමටයි ඔහුට මෙම අවසරය හිමි වුණේ.

මෙම නඩුව කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදීයි. එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙස ද නියෝග කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post