News Line| Off Air
Generic placeholder image

Nov
10

රටේ මුල් පුරවැසියා ව්‍යවස්ථාව කඩ කරනවා – ජවිපෙ කියයි

1695 Views


රටේ මුල් පුරවැසියා ව්‍යවස්ථාව කඩ කරනවා – ජවිපෙ කියයි

ඊයේ (09) පාර්ලිමේන්තුව විසිරවනු ලැබුවා. පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසා සිටිනවා. එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ සිය පක්ෂයේ නායකයින් රැස්වී සාකච්ඡා කර ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.

ජනාධිපතිවරයා මේ කළේ සම්පුර්ණයෙන්ම ව්‍යවස්ථාව කඩකිරීමක්. කලින් අගමැතිවරයා පත් කලෙත් ව්‍යවස්ථාව කඩකරලා. ඒ වගේම දැන් මැතිවරණය ප්‍රකාශයට පත් කලෙත් ව්‍යවස්ථාව කඩලා. රටේ මුල් පුරවැසියා රටේ මුලික නිතිය කඩනවා. ලංකාවේ ඉතිහාසයේ මෙහෙම සිදුවීමක් වුණ පලවෙනි අවස්ථාව. විධායක බලය අහෝසි කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ ඒ නිසයි. මෙය විසුරුවා හරිම සම්පුර්ණයෙන්ම නීතිවිරෝධී ක්‍රියාවක්. මේ සම්බන්ධයෙන් අද දිනයේදී අපි තීරණයක් ගන්නවා. මේ කරලා තියනදේ සම්පුර්ණයෙන්ම වැරදි වගේම මෙය ව්‍යවස්ථා විරෝධී ඒකාධිපති උන්මත්තක ක්‍රියාවක් ලෙස තමන් දකින බවයි ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post