News Line| Off Air
Generic placeholder image

Nov
10

ජනාධිපතිවරයා අපෙන් පළි ගන්නවා – හිටපු මන්ත්‍රි රාජිත

1080 Views


ජනාධිපතිවරයා අපෙන් පළි ගන්නවා – හිටපු මන්ත්‍රි රාජිත

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට ජනාධිපතිවරයා සහ අලුතෙන් පත්කර ගත් ආණ්ඩුවට නොහැකිවීම හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේදී ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මේ බව ප්‍රකාශ කර සිටියා.

ජනාධිපතිවරයා පත් කරපු නීතිවිරෝධී අගමැතිවරයා තිබ්බ පළමු අඩව්ව පරාදයි. ඒ කියන්නේ පාර්ලිමේන්තුව කැඳවලා 113 කගේ බහුතරය පෙන්වන්න. ඊයේ වෙනකම් කියා සිටියා බහුතරය තමන්ට තිබෙනවා කියලා. ඒත් අද උදේ ඒ පැත්තෙන්ම කියලා තියනවා 104 කගේ මන්ත්‍රි සංඛ්‍යාවක් ඉන්නේ තව 8 ක් හෝ 9 දෙනෙකුගේ අඩුවක් තිබෙනවා කියලා. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නැති බව මෙහිදී ඔහු කියා සිටියා.

මේ ජනාධිපතිවරයා එදා අපිත් එක්ක එදා එලියට බැස්සේ මේ ජනාධිපතිධුරයේ තිබෙන බලය පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒ කිව්ව ජනාධිපතිවරයාම අද ව්‍යවස්ථාවේ නැති දේවලුත් කරමින් ඉන්නවා. අපි පුදුම වෙනවා එතුමාව පත් කරපු අයගෙන් පළිගන්නවා. එතුමට එරෙහිව හිටපු අය එක්ක එකතු වෙලා ඉන්නවා. අපි එක්සත් ජාතික පක්ෂය හැටියට පුළුල් සන්ධානයකින් මේ මැතිවරණයට තරග කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ මේ තීරණය පරාද කරන්නත් අපි ලෑස්ති වෙලා ඉන්නේ. මුළු රටම අද අපි සමග සිටිනවා යැයි හිටපු මන්ත්‍රි රාජිත සේනාරත්න වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.


News Articles
Latest Videos
Most Popular Post