News Line| Off Air
Generic placeholder image

Nov
10

ඩිලාන්ගෙන් හා අරුන්දිකගෙන් මනූෂ රු බිලියනක වන්දි ඉල්ලයි

1459 Views


ඩිලාන්ගෙන් හා අරුන්දිකගෙන් මනූෂ රු බිලියනක වන්දි ඉල්ලයි

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා පිළිබඳව සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහත එන්තරවාසියක් යවා තිබෙනවා.

හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා වෙනුවෙන් කොන්ටිනෙන්ටල් ලෝ ඇසෝසියේටිස් නීතීඥ ආයතනය මෙම එන්තරවාසි දෙක යොමු කර ඇති අතර එක් අයෙක්ගෙන් රුපියල් මිලියන පන්සියය බැගින් වන වන්දියක් ඉල්ලා තිබේ.

නිදහසේ මාධ්‍ය කේන්ද්‍රෙය්දී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා විදේශ ගතවීම සම්බනන්ධයෙන් ද්වේශසහගතව හා කීර්තිනාමයට හානියක් වන ආකාරයට ප්‍රකාශ නිකුත් කර තිබූ බව එම එන්තරවාසියේ දැක්වේ. ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඉදිරිපත් කළ සියලුම කරුණු සාවද්‍ය බවත් එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතිකෂේප කරන බවත් එහි සදහන් වෙනවා.

අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයාද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දේශපාලන ජීවිතයට දැඩි ලෙස හානි වන ආකාරයේ අසත්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙන බවද එය ජනමාධ්‍යයේ ප්‍රචාරය වී තිබෙන බවද එන්තරවාසියේ දැක්වේ. මෙම අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ තරයේ ප්‍රතික්ෂේප කරන බවද එහි සදහන් වෙනවා.

දින දහ හතරක කාලයක් තුළදී මෙම වන්දි මුදල ලබාදීමට කටයුතු කළ යුතු බවත් එහ පැහැර හරින්නේ නම් අධිකරණයේ නඩු පැවරීමට සිදුවන බවත් මනුෂ නානායක්කාර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ සමාගම ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන්ට දැනුම්දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post