News Line| Off Air
Generic placeholder image

Nov
11

පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත් ශ්‍රී ලනිප මැති ඇමතිවරු මෙන්න

2445 Views


පොදු ජන පෙරමුණේ සමාජිකත්වය ලබා ගත් ශ්‍රී ලනිප මැති ඇමතිවරු මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායක, හිටපු ජනාධිපති, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) ලබා ගත්තා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේහි සභාපති මහාචාර්ය ජී. ඇල් පීරිස්ගේ අතින්. ඒත් සමග ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජාතික ආණ්ඩුව නියෝජනය කළ මැති ඇමතිවරු පිරිසක්ද එකතු වී සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍යය වෙත පැවසුවේ තමාද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙහි සමාජිකත්වය ලබාගත් බවයි.

ටී. බී ඒකනායක, තාරානාත් බස්නායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, සුමේධා. ජී. ජයසේන, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුසන්ත පුංචි නිලමේ සහ චන්දිම වීරක්කොඩි යන ශ්‍රී ලංකා නාදහස් පක්ෂය නියෝජනය කළ මැති ඇමතිවරු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් බවයි අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා වැඩිදුරටත් පැවසුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකුද වන අමාත්‍ය එස්. බී දිසානායක එම අවස්ථාවට සහභාගී නොවූ බව අප කළ විමසීමේදී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post