News Line| Off Air
Generic placeholder image

Nov
12

සෝමවංශගේ ජනතා සේවක පක්ෂය පොහොට්ටුවට

1549 Views


සෝමවංශගේ ජනතා සේවක පක්ෂය පොහොට්ටුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බව ජනතා සේවක පක්ෂය සඳහන් කරනවා.

මීට අමතරව පක්ෂයේ නිර්මාතෘ අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතා වෙනුවෙන් ඊයේ (11දා) සෝමවංශ අමරසිංහ පදනම ආරම්භ කළ බවද එම පක්ෂයේ නායක ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළා.

මෙම පදනම මගින් දේශපාලනයට එක්වන තරුණ තරුණියන්ට දේශපාලන දැනුම ලබාදීම, සමාජ සේවා කටයුතු සහ දුෂ්කරතා මැද අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට අවශ්‍ය පහසුකම් ලබාදීම ආදිය සිදු කරන බවද ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග ගිවිසුම්ගත වී සිටින නිසා ඉදිරි මැතිවරණයට අපේක්ෂකයන් එම පෙරමුණේකෝටාවක් ලෙස ඉදිරිපත් කරන බවත්, ඉදිරි මැතිවරණය වෙනුවෙන් ජනතාව දැනුවත් කිරීමද ඊයේ (11) ආරම්භ කළ බවත් ඒ මහතා සඳහන් කළේය.

සියලුම දැනුවත් කිරීම් මැතිවරණ නීතිරිති අකුරටම පිළිපදිමින් පරිසරයට හානි නොවන ආකාරයට හා මහජනතාවට කරදරයක් හා බාධාවක් නොවන ආකාරයට සිදු කිරීමට පක්ෂය තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

සෝමවංශ අමරසිංහ පදනමේ සභාපතිත්වය ඒ මහතාගේ සහෝදරයෙකු වන පියසේන අමරවංශ මහතා විසින් දරනු ලබන බවත්, දේශීය හා විදේශගත ශ්‍රී ලාංකිකයන් මේ සඳහා මූල්‍යාධාර ලබාදීමට දැනටමත් පොරොන්දු වී තිබෙන බවත් ඒ මහතා කියා සිටියේය.

පක්ෂ පාට අමතක කර සමාජ සේවා කටයුතු හා දරුවන්ට අතහිත ලබාදීම මෙම පදනම මගින් සිදුවන බවද ජයන්ත විජේසිංහ මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post