News Line| Off Air
Generic placeholder image

Nov
12

අලුත් ලකුණකින් අලුත් නමකින් ඉදිරි ඡන්දයට සූදානම් වෙනවා | මන්ත‍්‍රී රාජිත සේනාරත්න

722 Views


අලුත් ලකුණකින් අලුත් නමකින් ඉදිරි ඡන්දයට සූදානම් වෙනවා | මන්ත‍්‍රී  රාජිත සේනාරත්න

අලුත් සලකුණක් සහ අලුත් නමක් සහිත පුලුල් සන්ධානයක් ඉදිරි මැතිවරණ වෙනුවෙන් ගොඩනගන බව එක්සත් ජාතික පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා අද (11) කොළඹදී පැවැසීය.

එම සන්ධානයේ කෙටුම්පත් මේ වනවිට සකස් කර ඇති බවත් සියලු පක්ෂ නායකයන් එක්ව ඉදිරි දිනකදී එම පුලුල් සන්ධානය ප‍්‍රකාශයට පත් කරන බවත් සේනාරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

රාජිත සේනාරත්න මහතා මෙසේ ද පැවසීය.

‘‘ඉදිරි මැතිවරණ සදහා අපි පුලුල් සන්ධානයක් ගොඩනගනවා. එහි කෙටුම්පත් අපි මේවනවිට සකස් කරලා තියෙනවා. අපි සියලූම දේශපාලන පක්ෂවලට මේ වනවිට ඒවා බෙදාහැරලා තියෙනවා. රවුෆ් හකීම් මහතා ඇතුලු අනිකුත් දේශපාලන පක්ෂ නායකයන් ලංකාවට පැමිණීමට නියමිතයි. ඉන්පසු මෙහි තින්දු තීරණ ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මේ මහා සන්ධානය අපි අලුත් සළකුණකින්, අලූත් නමකින් ගොඩනගනවා. එහි දේශපාලන තීන්දු තීරන නායකත්ව මණ්ඩලයකින් ගැනීමට නියමිතයි. ප‍්‍රජාතවන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටත් ඕනෑම මැතිවරණයකට තරඟ කිරිමටත් හැකි වන පරිදි අපි මේ සංවිධානය ගොඩ නගනවා.

සාධාරණව සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සිතන සියලූ දෙනාට අපි ඒ වෙනුවෙන් ආරාධනා කර සිටිනවා. ලංකාවේ පැවැතුණු පුලුල්ම සන්ධානය එක්ක අපි ඉදිරි සියලූ මැතිවරණ ජයග‍්‍රහණ කිරිමට කටයුතු කරනවා. 2015 ජනවාරි 08 වෙනිදා පෙලගැහුණු ජනතාව එක්ක ජනවාරි 05 මෛත‍්‍රිපාල සිරිසේන මහතාට අපි හොඳ පාඩමක් උගන්වනවා.” යැයිද ඔහු පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post