News Line| Off Air
Generic placeholder image

Nov
12

හැමෝම සතුටු කරන්න නම් අයිස්ක්‍රීම් විකුණන්න ඕනි – මහා මැතිවරණය සඳහා වැය වන ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 400 ක් | මහින්ද දේශප්‍රිය

634 Views


හැමෝම සතුටු කරන්න නම් අයිස්ක්‍රීම් විකුණන්න ඕනි – මහා මැතිවරණය සඳහා වැය වන ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 400 ක් | මහින්ද දේශප්‍රිය

ජනාධිපතිවරයා මහ මැතිවරණය කැඳවීම කළ ආකාරය අනුව එහි වලංගු භාවය පිළිබඳ විමසීම සඳහා මැතිවරණ කොමිසම අධිකරණයට යා යුතුය යන්න හෝ යනු ඇතැයි විවිධ පාර්ශව මත පළ කළහ.

ඊට ප්‍රතිචාර දැක්වූ සභාපති මහින්ද දේශප්‍රිය කියා සිටියේ කොමිසම සිතන පරිදි යම්දෙයක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවකි.

“මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වුණොත් ඒක එක් පාර්ශවයකට වාසිසහගත වෙනවා වගේ ම අනෙක් පාර්ශ්වයට අගතියක් වෙනවා. ඒක ඡන්ද විමසන අවස්ථාවක සුදුසු දෙයක් නෙවෙයි. ඒ නිසා හැමෝම සතුටු කරන්න නම් අයිස්ක්‍රීම් විකුණන්න ඕනෑ – මැතිවරණ කොමිසමේ සභාපතිමම නිහඬව සිටිනවා” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.

කැඳවා ඇති මහ මැතිවරණය සිදුවන බව උපකල්පනය කර ඒ සඳහා සූදානම් වීම සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාට බලය ලබාදී ඇතැයි මහින්ද දේශප්‍රිය එහි එහිදී පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, යම් පාර්ශවයක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් එහි මතය විමසීමෙන් පසුව මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තහනම් නියෝගයක් ගතහොත් ඊට අනුව ක්‍රියා කරන බවත් එතෙක් අදාළ වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යාමට සිය නිලධාරීන් බැදී සිටින බවත්ය.

එසේම තමන් ජනාධිපතිවරයා ගත් තීන්දුවට එරෙහිව අධිකරණයට යන බව ප්‍රකාශ කර නැතැයි ඔහු සඳහන් කළේය. මෙම මහා මැතිවරණය සඳහා වැය විය හැකි බවට ඇස්තමේන්තු කර ඇති මුදල රුපියල් කෝටි 400 කි.

එය සුලු මුදලක් යැයි තමන් පවසා තිබුණේ “මේ දවස්වල කතාවෙන ගණන්වල හැටියට ඒ ගණන සුලු නිසා” යැයි ව්‍යංගාර්ථයක් මුසු බවකින් පැවසූ ඔහු ජනතාවගේ එම මුදල් තමන් සුලුවෙන් නොතකන බව අවධාරණය කළේය.

කෙසේවෙතත්, උපරිම වශයෙන් රුපියල් කෝටි 450 වැනි වියදමකින් මැතිවරණය මෙහෙයවීමට බලාපොරොත්තු වන බවත් එය කෝටි 400 ක් වුවහොත් රටේ ජයග්‍රහණයක් බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙය බීබීසී සේවය සමඟ මැතිවරන කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා දැක්වූ අදහස් තුළින් උපුටාගත්තකි.


News Articles
Latest Videos
Most Popular Post