News Line| Off Air
Generic placeholder image

Nov
12

මැතිවරණය කාටවත් නවත්වන්න බෑ – අගමැති මහින්ද

755 Views


මැතිවරණය කාටවත් නවත්වන්න බෑ – අගමැති මහින්ද

India Today පුවත් සේවයට අදහස් දක්වමින් පාර්මේන්තු මැතිවරණය මේ වන විට ගැසට් කර අවසන් බැවින් එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

එසේම ශ්‍රි ලංකාවේ තත්ත්වයන් පිළිබඳව ජාත්‍යන්තර තේරුම් ගත යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා. “ ජාත්‍යන්තර ප්‍රජාව මෙය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස දැකිය යුතුයි. අපි ජනතාව හමුවට යනවා. ඔවුන්ගේ කැමැත්ත ගන්නවා. අපි ජාත්‍යන්තරයත් හමුවෙනවා. ඔවුන් අපේ ස්ථාවරත්වය තේරුම් ගත යුතුයි.

අපි දැනටමත් ඒ දේ කර තිබෙනවා. ජනපති ඔවුන්ට කතා කර තිබෙනවා. මමත් ඔවුන්ව හමුවෙනවා. මම ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවුණා. ඔහු මගේ දැක්ම තේරුම් ගත්තා.

මොකක්ද 19 ව්‍යවස්තා සංශෝධනය? ඔබ අනෙකුත් වගන්තිත් සම්පූර්ණයෙන්ම කියැවිය යුතුයි. ව්‍යවස්ථාවේ ජනපතිවරයාට මැතිවරණ කැඳවන්න අවස්ථාව තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී නෙමෙයි. ”


News Articles
Latest Videos
Most Popular Post