News Line| Off Air
Generic placeholder image

Nov
12

“සජිත් ගැන තීරණයක් අරගෙන නෑ” – එජාපය කියයි

748 Views


“සජිත් ගැන තීරණයක් අරගෙන නෑ” – එජාපය කියයි

ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස, නම් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව එහි සභාපති, හිටපු මන්ත‍්‍රී කබීර් හෂීම් පවසා සිටිනවා.

කෙසේවෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අරලියගහ මන්දිරයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ‘‘සජිත් අගමැති – රනිල් ජනපති’’ යන තේමාව යටතේ ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා මේ වනවිටත් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි.

මැතිවරණ කටයුතු මෙහෙයවීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡා කිහිපයක් අදත් පැවැත්වෙන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කටයුතු මෙහෙයවීම සඳහා ඔවුන් විසින් අනු කමිටුවක් ද පත්කර ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ. හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කබීර් හෂීම්, මලික් සමරවික‍්‍රම, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, සජිත් පේ‍්‍රමදාස සහ නවීන් දිසානායක මෙම අනු කමිටුවේ සාමාජිකයින් වනවා.

ඔවුන් අද දිනයේ රැස් වී මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීරණ ගනු ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න ප‍්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අලූත් ලකුණක් සහ අලුත් නමක් සමග පුළුල් සන්ධානයකින් ලෙස ඉදිරි මැතිවරණයට තරග කළ යුතු බවයි. එවැනි සන්ධානයකට සෙසු දේශපාලන පක්ෂ රැසක් ද එක්වනු ඇතැයි ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post