News Line| Off Air
Generic placeholder image

Nov
12

ශ්‍රීලනිප සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවයි

593 Views


ශ්‍රීලනිප සියලු සංවිධායකවරුන් කොළඹට කැඳවයි

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන්, සම සංවිධායකවරුන් සහ දිස්ත‍්‍රික් සංවිධායකවරුන් විශේෂ රැස්වීමක් සඳහා කොළඹට කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස සඳහන් කළේ මැතිවරණය පිළිබඳ සාකච්ඡා කිරීමට මෙම කැඳවීම සිදු කර ඇති බවයි.

මෙම තීරණාත්මක අවස්ථාවේදී හිටපු ජනාධිපති, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ප‍්‍රබලයින් ගණනාවක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැරයාම පිළිබඳව ද මාධ්‍ය මෙහිදී ප‍්‍රශ්න කළා.

මේ මොහොතේ අවධානය යොමු කර ඇත්තේ පොදු සතුරා පිළිබඳව බවයි එහිදී සඳහන් කෙරුණේ. සියලු බලවේග එකතු කර ගනිමින් පොදු පෙරමුණකින් ඊට මුහුණ දෙන බවද පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළඹෙන මැතිවරණයට මුහුණ දෙන්නේ කෙසේදැයි අදත් සාකච්ඡා කිහිපයක්ම පැවැත්වෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් කිහිපදෙනෙකු අද සහ හෙට දිනවලදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගනු ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post