News Line| Off Air
Generic placeholder image

Nov
12

පොලිස් නිලධාරියෙකුට වෙඩි වදියි

748 Views


පොලිස් නිලධාරියෙකුට වෙඩි වදියි

කුලියාපිටිය මීගහකොටුව ප‍්‍රදේශයේ ඊයේ (11) රාත‍්‍රියේ සිදු කළ වැටලීමක දී සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් සැරයන්වරයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. හෙරොයින් ග‍්‍රෑම් 100කට වැඩි ප‍්‍රමාණයක් ළග තබාගෙන සිටි සැකකරුවන් තුන් දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැණුනා. එක් සැකකරුවෙකු පලා යාමට උත්සහ දරා ඇති අතර නිලධාරීන් වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඔහු නවත්වා ගැනීමටයි.

තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබන බවයි වාර්තා වෙන්නේ. මේ අතර මෙම සැකකරුවන් ළග තිබී සොයාගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12ක් පමණ බවට ඇස්තමේන්තු කර තිබෙනවා. ජාවාරමට යොදාගත් බව කියන මෝටර් රථයක් ද අත්අඩංගුවට ගැණුනා.


News Articles
Latest Videos
Most Popular Post