News Line| Off Air
Generic placeholder image

Nov
12

ප්‍රවේශමින්..! මධ්‍යම පළාතෙන් සමේ රෝගයක්

669 Views


ප්‍රවේශමින්..! මධ්‍යම පළාතෙන් සමේ රෝගයක්

මධ්‍යම පළාතේ කුඩා මැස්සෙකුගෙන් පැතිරියන සමේ රොගයක් පවතින බවත් සමේ සුව නොවන තුවාලයක් පැවතුනහොත් සුදුසුකම් ලත්වෛද්‍ය වරයෙකුගෙන් ප‍්‍රතිකාර ලබා ගන්නා ලෙස මධ්‍යම පළාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය ජනතාව වෙත පවසයි.

ලිෂ්මානියස් නමින් හදුන්වන මෙම රෝගය කුඩා මැස්සෙකුගෙන් බෝවන අතර මෙම මැස්සා දෂ්ට කල පසු සමේ රතුපාට පැල්ලමක් මතුවි එම ස්ථානය කැසිමට ලක් විමෙන් පසු එහි සුව නොවන තුවාලයක් ඇති වන බව වෛද්‍යවරුන් සොයාගෙන ඇත.

පසුගිය ජනවාරි මස සිට මේ දක්වා පුද්ගලයින් 24 දෙනෙකුට මෙම රොගය වැලදි තිබෙනවා.මධ්‍යම පළාතේ ප‍්‍රථම වතාවට මෙම රෝගය වාර්තා වි ඇති බවද ඇය කියා සිටියාය.

උතුරුමැද පළාතින් පැමිණියැයි කියන මෙම රෝගය මධ්‍යම පළාතේ පමණක් පවතින බවත් මෙය බෝ නොවන රෝගයක් වන අතර මෙම රෝගයට කිසිවෙකු බිය නොවිය යුතු බවත් සුව නොවන සමේ රෝගයක් ඇත්නම්‍ විශේෂඥ්‍ය වෛද්‍යවරයෙකුට පෙන්වා එන්නතකින් මෙම රෝගය සුව කර ගත හැකි බවත් වෛද්‍ය ශාන්ති සමරසිංහ මහත්මිය පවසයි.


News Articles
Latest Videos
Most Popular Post