පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා.
ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) රාති‍්‍රයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවති සාකච්ඡාවකදියි.
ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයේදී තරඟ වැදීමටයි මෙහිදී එකගතාව පළ වී ඇත්තේ.
මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්‍ෂ නායකයින් සහ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පක්‍ෂ නායකයින්ද එක්ව සිටියා. දින කිහිපයකින් නව පෙරමුණේ නව ලකුණ ප‍්‍රකාශයට පත් කරන බවයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මෙහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
මේ අතර ඊයේ පැවති එම සාකච්ඡාව සදහා දුමින්ද දිසානායක, එස්. බී. දිසානායක සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් එක්ව සිටියා. ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සඳහා අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත් සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක්ද පත්කර තිබෙනවා. එම කමිටුව විසින් මහ මැතිවරණය සඳහා වන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයද සකස් කිරීමට නියමිතයි.