බස් ගාස්තුව පසුගිය 08 වැනිදා සිට 02% කින් අඩු කළ බවට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කළද බොහෝ බස් රථ කොන්දොස්තරවරුන් පෙර ගාස්තුවම ලබාගන්නා බව මගී ජනතාව සඳහන් කරනවා.
ගාස්තු අඩුවීමේදී හෝ වැඩි වීමේදී ඒ පිළිබඳ බස් රථය තුළ ප්‍රදර්ශනය කළ යුතු වුවද, මෙතෙක් එම කටයුත්ත හෝ සිදුකර නොමැති බවද මගී ජනතාව පෙන්වා දෙනවා.
මේ හේතුව නිසා අඩු වූ බස් ගාස්තුව පිළිබඳවද ජනතාවට දැනගැනීමට මෙතෙක් නොහැකි වී ඇතැයිද වාර්තා වෙනවා.