News Line| Off Air
Generic placeholder image

Nov
13

පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශට භාර වෙයි

1053 Views


පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශට භාර වෙයි

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ මූලික කටයුතු ඉටු කිරීම මැතිවරණ කොමිසම විසින් මැතිවරණ කොමසාරිස් ජනරාල් චන්ද්‍රවංශ පෙරේරාට පවරා තිබෙනවා. මැතිවරණය සංවිධාන කිරීම, මැතිවරණ නිලධාරීන්ට උපදෙස් ලබා දීම සහ අවශ්‍ය මුදල් ලබා දීම වැනි කටයුතු මීට ඇතුළත්.

මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඒ ඒ දිස්ති‍්‍රක්කයෙන් තෝරා පත් කර ගැනීමට නියමිත මන්තී‍්‍රවරුන් ගණන දැක්වෙන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ ඒ දිස්ති‍්‍රක්කය සඳහා දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් ඉදිරිපත් කළ යුතු නාමයෝජනාවල ඇතුළත් කළ යුතු අපේක්ෂක සංඛ්‍යාව සහ ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කළ යුතු ඇප මුදල් පිළිබඳ විස්තර ද ඊට ඇතුළත්.

සෑම දිස්ති‍්‍රක්කයකම නාම යෝජනා පත‍්‍රවලට එම දිස්ති‍්‍රක්කයෙන් තෝරා ගැනෙන මන්තී‍්‍රවරුන් ගණනට වඩා තුන්දෙනෙකු වැඩියෙන් අපේක්ෂකයන් ඇතුළත් කළ යුතු වනවා. ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කළ යුත්තේ එක් අපේක්ෂකයෙකුට රුපියල් දෙදහසක් බැගින් වන පරිදියි. ඇප මුදල් භාර ගැනීම දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යාලවලදී සිදු කෙරෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post