කම්කරු දෙපාර්තමේන්තුවේ කළුතර සහකාර කොමසාරිස් කාර්යාලයේ ඇතැම් සේවකයින් මහජනතාව පීඩාවට පත්වන පරිදි කටයුතු කරන බවට තොරතුරු වාර්තා වුණා.
එලෙස පැමිණිලි කළ කිහිපදෙනෙකුම කියා සිටියේ යම් යම් තොරතුරු දැන ගැනීම සඳහා එම කාර්යාලයට දුරකථනයෙන් ඇමතූ විට සේවකයින් ඊට ප‍්‍රතිචාර දැක්වූයේ නොසැලකිල්ලකින් බවයි. ඇතැම් සේවකයින් සැර පරුෂ ලෙස කතා කළ බවද තම අවශ්‍යතා ඉටු කර නොදුන් බවද පැමිණිලි කළ කිහිපදෙනෙකු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් ආර්. පී. ඒ. විමලවීරගේ ද අවධානයට යොමු කළ අතර කරුණු සොයා බලා සුදුසු පියවර ගන්නා බවයි ඔහුගේ කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ.
කම්කරු දෙපාර්තමේන්තුවේ කළුතර සහකාර කොමසාරිස් කාර්යාලයෙන් ඉටු කර ගැනීමට නොහැකි වූ මහජන අවශ්‍යතා යුහුසුළුව ඉටු කර දීමටද කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන තිබූ බවවැඩිදුරටත් කළ සොයා බැලීමකදී හෙළිවුණා.