News Line| Off Air
Generic placeholder image

Nov
13

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනපති‌‌‌ගේ තීරණය නීත්‍යානුකූලයි – නීතිපති

1104 Views


පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනපති‌‌‌ගේ තීරණය නීත්‍යානුකූලයි – නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර ඇති බව වාර්තාවෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම් සඳහා නීතිපතිවරයාගේ මතය ප්‍රකාශ කරමින් ඔහු මේ බව සඳහන් කර කළේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විදුරුවා හැරීමට ජනපතිවරයාට බලය ඇති බව සඳහන් කළ නීතිපතිවරයා එම බලය ව්‍යවස්ථාවේ කිසිම වගන්තියකින් සීමා කර නැතැයිද සඳහන් කළේය.

පාර්ලිමෙන්තුව විසුරුවාහැරීමට ගත් තීරණය නීත්‍යානුකූල, නිවැරද තීරණයක් බවත් ජනපතිවරයා ව්‍යවස්ථාවේ  බලතල අනුව ක්‍රියාකර ඇතැයිද සඳහන් කළේය.

එසේම ව්‍යස්ථාවේ 70 (5) වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීම, නැවත කැඳවීම සඳහන් පරිදි ජනපතිවරයා නීත්‍යානුකූලව එම පියවර ගෙන ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් නිශ්ප්‍රභ කරන ලෙසත් ඔහු වැඩිදුරටත් තම මතය ප්‍රකාශ කරමින් පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post