News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
13

දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා

577 Views


දිල්හාර ලොකුහෙට්ටිගේට දූෂණ චෝදනා

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකු හෙට්ටිගේට දූෂණ චෝදනා එල්ල වී තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඔහු එරෙහිව චෝදනා තුනක් ගොනුකර තිබෙනවා.

පසුගිය වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති ටී.10 ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ සිදුවීම් හේතුවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා ගොනුකර තිබෙනවා.

තරග පාවාදීම් වෙනුවෙන් උත්සාහ කරන පාර්ශ්වයක කොටස්කරුවෙක් වීම, තරග පාවාදීම් හෙළි නොකිරීම හා ක්‍රීඩකයෙකුට ආචාරධර්ම පද්ධතිය කඩ කිරීමට බපෑම් කිරිම යන චෝදනා ඔහුට ගොනුකර තිබෙනවා.

අද සිට දින 14ක කාලයක් ඔහුට මෙම චෝදනා සඳහා පිළිතුරු ලබාදීමට අයි.සි.සී. ය ලබා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post