News Line| Off Air| Games
Generic placeholder image

Nov
14

1970 ලාබාලම මන්ත්‍රීවරයා ලෙස සභාවට පැමිණි මහින්ද රාජපක්ෂ අද ඉතිහාසයේ අසරණතම භාවයට පත් උනා – අනුර කුමාර

1450 Views


1970 ලාබාලම මන්ත්‍රීවරයා ලෙස සභාවට පැමිණි මහින්ද රාජපක්ෂ අද ඉතිහාසයේ අසරණතම භාවයට පත් උනා – අනුර කුමාර

පාර්ලිමේන්තු රැස්වීම අවසානයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මෙලෙස අදහස් පලකර සිටියා.
” කතානායකතුමා පාර්ලිමේන්තු ගෞරවය ආරක්ෂා කර ගැනිමට විශාල උත්සාහයක් ගත්තා. මෛත්‍රී – මහින්ද පිළේ හෘද සාක්ෂියක් ඇති මන්ත්‍රිවරු ආවා. අපි අවස්ථා දෙකකදී රාජ්‍ය ත්‍රස්තවාදයට මුහුණ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රහාරයක් එල්ල වන ඕනෑම අවස්ථාකදී එයට විරුද්ධව පෙනී සිටීමට කටයුතු කරනවා.රාජපක්ෂ – මෛත්‍රීට බහුතරය තිබුණානම් ස්ථාවර නියෝග අත්හිටුවීමේ නියෝග සම්මත වීම වැළැක්වීමට ඡන්දය ලබාදීමට නියමිතව තිබුණා. විශ්වාසභංග යෝජනාවට විවාදයක් පැවැත්වීමට ඉඩ තිබුණා. කුමන්ත්‍රණකරුවන් හැමදාම කළේ පාර්ලිමේන්තු වැඩකටයුතු අඩපණ කිරීමට කටයුතු කිරීමයි.මහින්ද රාජපක්ෂ මහතා කුමන්ත්‍රණකරුවන්ගේ දැලට යටත් වුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිවරණ උවමනාවට මහින්ද රාජපක්ෂ මහතා බිලි බා ගත්තා.මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ඉතිහාසයේ අසරණතම භාවයට අද පාර්ලිමේන්තුවේන් පිටත්ව ගියා. 1970 ලාබාලම මන්ත්‍රීවරයා ලෙස සභාවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා උසුලු විසුලු මධ්‍යයේ සභාවෙන් පිටත්ව ගියා.විශ්වාසභංගය පාර්ලිමේන්තුවේදී සම්ම්ත වුණා. තවත් ඒ ගැන සැකයක් තිබෙනවානම් මන්ත්‍රිවරුන්ගේ 122කදී අත්සන් සහිත ලියවිල්ලක් කතානායක කරු ජයසූරිය මහතාට බාර දුන්නා. අවම වශයෙන් ලැජ්ජාවක් තිබෙනවානම් ඉල්ලා අස්විය යුතුයි. යෝජනාව අනුව ඉල්ලා අස්වෙන්න ඕන නෑ. පැරදිලා ඉවරයි.”


News Articles
Latest Videos
Most Popular Post