අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා.ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව ‘නම්; වලින් ඡන්දයක් ගත යුතු බවයි.ඒත් සමගම සභාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඉන් පසුව මන්ත්‍රීවරු කිහිප දෙනෙක් අතර ගුටිබැට හුවමාරුවක්ද සිදුවූ අතර තත්වය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා කතානායකවරයා මීට සුළු මොහොතකට පෙර සභා ගර්භයෙන් පිටව ගියා. තවමත් මන්ත්‍රීවරු සභා ගර්භය මැද සිට විරෝධතාවයේ නිරත වී සිටිනවා.