News Line| Off Air
Generic placeholder image

Nov
15

අපි පෙරේදත් දින්නා ඊයෙත් දින්න අදත් දින්නා හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න හෙටත් අපි දිනනවා

2325 Views


අපි පෙරේදත් දින්නා ඊයෙත් දින්න අදත් දින්නා හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න හෙටත් අපි දිනනවා

එක්සත් ජාතික පක්ෂ යුක්තියේ ජන හඩ ජයග‍්‍රහණයේ ජන රැළිය අමතමින් සජිත් ප්‍රේමදාස පලකර සිටියේ මෙවන් අදහසක්.

“අද තියෙන ප්‍රශ්ණය මනුෂ්‍යකමත් අමනුෂකමත් අතර ප්‍රශ්ණයක්. අද තියෙන ප්‍රශ්ණය පරිණත පාලනයත් කැලෑ පාලනයත් අතර ප්‍රශ්ණයක්. මේක ඒකාධිපතිත්වයක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ පාරේ ජීවිත පරිත්‍යාග කරන්න ලෑස්තියි. සමහරු හිතගෙන හිටියා මහ ලොකු වෙනසක් සිදුවෙලා නැතියි කියලා.අපේ ඇස්වලට දැක්කා කන්වලට ඇහුණා අපේ රටේ තිබෙන්නේ සුපිරිම ස්වාධීන අධිකරණයක් . අපේ ශිර්ෂප්‍රණාමය හද පත්ලෙන්ම කථානායකතුමාට පුද කරනවා. අපි උණ්ඩවලට, බයිනේතුතවට, කාලතුවක්කුවට කඩුවට බෝම්බකරුවන් බය නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදයෙන් දිනන එක දිනනවා. අපි පෙරේදත් දින්නා. ඊයෙත් දින්න අදත් දින්නා.හෙට පුළුවන්නම් ඡන්දයකට එන්න කියලා අභියෝග කරනවා. මේ අයට මර්දනය තර්ජනය ගර්ජනය තමයි පුරුදු. තමුන්නාස්සේලා කියනවානම් පැත්තට යන්නත්, පස්සට යන්නත්, එකතැන ඉන්නත්, ඉදිරියට යන්නත් ලෑස්තියි” 


News Articles
Latest Videos
Most Popular Post