News Line| Off Air
Generic placeholder image

Nov
16

බහුතර පෙන්වන්න ජනපති නියෝගයෙන් අද පාර්ලිමේන්තුවේ ඡන්දයක්

715 Views


බහුතර පෙන්වන්න ජනපති නියෝගයෙන් අද පාර්ලිමේන්තුවේ ඡන්දයක්

කථානායක, එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, දෙමළ ජාතික සන්ධානය සහ ජනපති අතර හමුවක්

ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක කරූ ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

පැය දෙකක පමණ දීර්ඝ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී රටේ පවතින දේශපාලන තත්ත්වය පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එහිදී පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව ප‍්‍රකාශ කළ එම පක්ෂ නායක කණ්ඩායම එය පිළිගන්නා ලෙස ගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටි අතර, තමන් සෑමවිටම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත්, ඊට ගරු කරන බවත් ජනාධිපතිතුමා අවධාරණය කළේය.


News Articles
Latest Videos
Most Popular Post