සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයෙක් බවට පැවැසෙන සජිත් කුමාර (අඹ සුජී, ආනන්ද, ජගත්) අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසනවා.
තංගල්ල කෝට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
සැකකරු මනුෂ්‍ය ඝාතන, කොල්ල කෑම් ආදි චෝදනා රැසකට සම්බන්ධ පුද්ගලයෙක් බවත් ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී රීපීටර් වර්ගයේ ගිනි අවියක් එම උණ්ඩ පහක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.