News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

පිහියක් අරන් පාර්ලිමේන්තු ගිය තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්

489 Views


පිහියක් අරන් පාර්ලිමේන්තු ගිය තෙවරප්පෙරුමට එරෙහිව පැමිණිල්ලක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළට පිහියක් රැගෙනයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ, ඊයේ(15) පොලිස් හදීසි ඇමතුම් අංශය වෙත එම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඡන්දයක් විමසිය යුතු බවට ඉල්ලීමක් ලැබීමෙන් පසු දෙපාර්ශවය අතර නොසනසුන්කාරී තත්ත්වයක් හටගත්තේය.

එම අවස්ථාවේදී පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා පිහියක් අතැතිව සිටින දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරුණා.

නීතීඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළේ, අපරාධ වැරදි සම්බන්ධයෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ආවරණයක් නොලැබෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post