News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

බෝල්ට්ගේ රන් පදක්කම ඇමෙරිකාව සොරා ගනියි. – බෝල්ට් හඬයි, උසාවිය නිහඬයි.

2913 Views


බෝල්ට්ගේ රන් පදක්කම ඇමෙරිකාව සොරා ගනියි. – බෝල්ට් හඬයි, උසාවිය නිහඬයි.

මිනිහෙක්ට මෙහෙමත් දුවන්න පුලුවන්ද? මෙච්චර වේගෙකින්? හරියට අකුණක් ගැහුවා වගේ? මේකා යකෙක්නේ. මීට අවුරුදු 12කට 13කට විතර කලින් අපි මෙහෙම කතා වුණා ඔබට මතකද? ඔබට කොහොම අමතක වෙන්නද 100, 200 දුවන්න ජැමෙයිකාවෙන් ආපු කළු, උස, හීන්දෑරී කොල්ලව? අපි දන්නා කාලෙක ඉඳන් ඔහු කලේ දිනන එක විතරයිනේ. ඔව්. ඔව්. උසේන් බෝල්ට් තමයි.

හැබැයි අද අපිට ඔහු ගැන කතා කරන්න වෙන්නේ සතුටුදායක ආරංචියක් නෙවෙයි. පළවෙනි වතාවට බෝල්ට් පැරදුනා. ඒ අද පාන්දර තිබුන ලෝක ශුරතා මලල ක්‍රීඩා තරඟාවලියේ මීටර 100 අවසන් මහා තරගෙදි. දිනුවේ ඇමෙරිකාවේ 35 හැවිරිදි ජස්ටින් ගට්ලින්. 30 හැවිරිදි උසේන් බෝල්ට්ට හම්බුනේ තුන්වෙනි තැන. මේ අවුරුදු 10කට පස්සේ අන්තර්ජාතික තරගයකදී උසේන් බෝල්ට් පරාද වුන පලවෙනි අවස්ථාව.

ලෝකේ ශ්‍රේෂ්ඨතම කෙටි දුර ධාවකය විදිහට කිරුළු පැළඳි උසින් බෝල්ට්ගේ මේ පරාජය ක්‍රීඩා විචාරකයෝ හැඳින්වූවේ බෝල්ට්ගේ අවසන් ගමන කියලයි. මොකද මේ ලෝක ශුරතා තරගාවලියෙන් පස්සේ උසේන් බෝල්ට් ක්‍රීඩාවෙන් සමුගන්නයි හිටියේ.

ඉතින් මුළු ලෝකෙම බලාපොරොත්තු වුනේ කිසිම දවසක දුවලා බිඳින්න බැරි කාලයක් වාර්තා කරලා බෝල්ට් පිටියෙන් සමුගනියි කියලා. බෝල්ට් ගැන අපි එහෙම හීන මවපු එක කොච්චර සාධාරණද කියලා ඔහුගේ මේ වාර්තා වලින් පේනවා.

2008, 2012, 2016 ඔලිම්පික් උළෙල 3 දී අඛණ්ඩව මීටර 100, මීටර 200 සහ මීටර 100 – 4 තරඟ වලින් බෝල්ට් රන් පදක්කම් දිනාගත්තා. එහෙම වාර්තාවක් තියපු පළවෙනි කෙනා තමයි උසේන් බෝල්ට්.

එතකොට මේ පරාද වුනු ලෝක ශුරතා තරගාවලියේම 2008, 2009, 2011, 2012, 2013, 2016 අවුරුදු වල ලෝක ශුරයා වුනේ උසේන් බෝල්ට්.

විශ්වාස කරන්න බැරි තරම් වේගයෙන් දුවන උසේන් බෝල්ට් ලෝකේ වේගවත්ම මිනිසා කියන නාමය අයිති කරගත්තේ මීටර 100 තත්පර 9.58කට දුවලා.

ඉතිහාසයට එකතු කරපු වාර්තා මේ විදිහට තිබ්බත් අද උසේන් බෝල්ට්ට මොකද වුනේ කියලා කිසිම කෙනෙක්ට හිතාගන්න බෑ. අඩුගානේ උසේන් බෝල්ට්ටවත් හිතාගන්න බැරි වුණා තමන් පරාද වුනේ කොහොමද කියලා. අද පාන්දර තිබ්බ මීටර 100 අවසන් තරගයේදී මිලි තත්පර ගාණකින් බෝල්ට් ඇමෙරිකාවට සෙකන්ඩ් වෙද්දී ප්‍රේක්ෂකාගාරය මීයට පිම්බා වගේ වුනා. දිනන පරදින එක ක්‍රීඩාවට සාමාන්‍ය දෙයක් වුනත් උසේන් බෝල්ට්ට පරදිනා කියන එක නුහුරු නුපුරුදු දෙයක්. තරගේ ඉවර වුනාට පස්සේ ගත්ත සමහර ෆොටෝස් වලින් ඒ බව ඔබටත් පෙනෙයි.

අගෝස්තු 8 වෙනිදා තියෙන මීටර 100 – 4 අවසන් තරගයටයි 10 වෙනිදා තියෙන මීටර 200 අවසන් තරගයටයි උසේන් බෝල්ට් සහභාගී වෙනවා බලන්න අපිට පුළුවන්. ඒ තමයි බෝල්ට්ව අපි දකින අන්තිම Race දෙක.

කොහොම වුනත් අපිට බෝල්ට්ට කියන්න තියෙන්නේ අවසන් ගමනට සුභ ගමන් කියල තමයි.


News Articles
Latest Videos
Most Popular Post