News Line| Off Air
Generic placeholder image

Nov
16

ජනපති ඉවත් කරන්න කියූ විශ්වාසභංගයේ පළමු වගන්තිය මෙන්න

1531 Views


ජනපති ඉවත් කරන්න කියූ විශ්වාසභංගයේ පළමු වගන්තිය මෙන්න

අද පස්වරු 01.30ට පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවිය යුතු දැයි ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

මේ වනවිට කතාබහට ලක්වන ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත භාරදුන්නේ ද ජනතා විමුක්ති පෙරමුණයි. මේ අතර මෙම යෝජනාවෙන් ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයා විසින් ඊයේ පෙන්වා දුන්නා.

උපුටා ගැනීම,

‘‘අතිගරු ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළ 2018 ඔත්තෝබර් 26 වන දින සහ අංක 2094/43, 2094/43 ඇ සහ 2094/44 දරණ අති විශේෂ ගැසට් නිවේදන සහ එහි සඳහන් නියෝගයන් හා පත්කිරීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් නීතිය ඉදිරියේ ශුන්‍ය සහ බලරහිත බවත් නීතිය ඉදිරියේ කිසිදු බලයක් හෝ වලංගුභාවයක් නොමැති බවත්”

උපුටා ගැනීම අවසන්.


News Articles
Latest Videos
Most Popular Post