News Line| Off Air
Generic placeholder image

Nov
16

රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

441 Views


රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස දිවයිනට රැගෙන ආ රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර , අකුරණ ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයින් තුන් දෙනෙක්.

ඔවුන් ඉන්දියාවේ මුම්බායි නුවර සිට දිවයිනට පැමිණ තිබෙනවා. භාග වන සේ කැපූ රන් බිස්කට් කැබලි 48 ක් සගවා තිබුනේ ඔවුන් විසින් සකස් කර තිබූ ලෝහමය බට 06 ක් තුළ යි.

එම ලෝහමය බට ඔවුන්ගේ භාණ්ඩ තබාගෙන යන ට්‍රොලි කරත්ත තුළ සඟවා ගෙන , කිසිවක් ප‍්‍රකාශ කිරීමට නොමැති ”හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටව යමින් සිට තිබුණා. රන් බිස්කට් තොගයේ බර කිලෝ ග‍්‍රෑම් 02 යි ග‍්‍රෑම් 400 ක්.

එහි වටිනාකම රුපියල් එක් කෝටි හතලිස් තුන් ලක්ෂ 98 866 ක් බවට ගණන් බලා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post