අද දවසේ පාර්ලිමේන්තු රැස්වීමට පෙර පැවති පක්ෂ නායකයින්ගේ රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත් බව අප සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පවසනවා. ඔවුන් පවසන ආකාරයට රැස්වීම අතරවාරයේදී උදය ගම්මන්පිල සහ රාජිත සේනාරත්න අතර බහින්බස් වීමක් සිදුව තිබෙනවා. එමෙන්ම සුමන්දිරම් මන්ත්‍රීවරයා සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අතරත් රැස්වීම අතරතුරදී දැඩි වාග් හුවමාරුවක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් පක්ෂ නායකයින්ගේ රැස්වීම තීරණයක් නොමැතිව අවසන් කිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ.
අප වාර්තාකරු පවසන ආකාරයට වාසුදේව සහ සුමන්දිරන් බහින්බස් වීම රැස්වීම් කාමරයෙන් පිටත සිදු වී තිබෙනවා. එය දැඩි උණුසුම් මුහුණුවරක් ගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මෙවන් තත්ත්වයක් මතයි අද පස්වරු 1.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත.